ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය කරන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසනවා. ඒ අනුව ගෘහස්ථව පරිභෝජනය කරන ජල ඒකක කාණ්ඩ කීපයක් යටතේ 30% සිට 50% අතර ගාස්තු වැඩිවීමක් සිදුවනු ඇති බවද, අඩු අදායම් ලබන පවුල්වලට බලපෑමක් මෙයින් සිදු නොවනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version