සිංහල සිනමාවේ ජ්‍යේෂ්ඨතම රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහත්මිය 86 හැවිරිදි වියේ පසුවිය. නවසීලන්තයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත. සුරංගනී චිත්‍රපටය හරහා රංගනයට පිවිසි කාන්ති ගුණතුංග මහත්මිය දොස්තර, දුප්පතාගේ දුක, සුරසේන, සූරයා, සංදේශය, වන මෝහිණී චිත්‍රපට සඳහා රංගනයෙන් එක්විය. (දිවයින)
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.