වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිනිය ලෙස එරට උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්‍රිගස් අද (06) අලුයම දිවුරුම් දුන්නාය.

ඒ, වෙනිසියුලාවේ ජාතික සභාවේ සභාපතිවරයා සහ ඇගේ සහෝදරයා වන ජෝර්ජ් රොඩ්‍රිගස් ඉදිරියේය.

56 හැවිරිදි ඩෙල්සි රොඩ්‍රිගස් මදුරෝගේ සමීපතමයෙකු වන අතර ඇය 2018 වසරේ සිට වෙනිසුවෙලාවේ උප ජනාධිපති ධුරයේ කටයුතු කළේ ය.

ඇය වත්මන් ඛනිජ තෙල් අමාත්‍යවරිය ලෙස ද කටයුතු කරන අතර මීට පෙර මුදල් සහ විදේශ කටයුතු පිලිබඳ අමාත්‍ය ධුරවල ද සේවය කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.

Share.
Leave A Reply

Exit mobile version