පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව තීරණය කර තිබේ.

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ පිළිබඳව පසුගිය සමයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව සොයාබැලීමක් සිදුකළ අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බව රාමඤ්ඤ මහා නිකායේ ස්වාමීන් වහන්සේ නමක් අද දෙරණට පැවසීය.

Share.
Leave A Reply

Exit mobile version