රටේ පැවති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් දින නියමයක් නැතිව කල් දැමූ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල පළමු වසරේ භෞතික අධ්‍යයන කටයුතු මේ මස 22 වන සදුදා දින ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.

එමනිසා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල පළමු වසරේ සිසු සිසුවියන් මේ මස 21 වන ඉරුදින පෙරවරු 8.00 සිට සිය නේවාසිකාගාර වලට පැමිණිය හැකි බවද ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සිසුනට දැනුම් දී සිටි. (ලංකාදීප)

Share.
Leave A Reply

Exit mobile version