වොෂින්ටනයේ පැවැත්වෙන ලෙබනන සහ ඊශ්‍රායල තානාපතිවරුන් අතර හමුවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහභාගී වන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත.

ඊශ්‍රායලයේ යෙචියෙල් ලෙයිටර් සහ ලෙබනනයේ නාඩා හමාඩේ මොවාඩ් මෙලෙස රූබියෝ සමඟ සාකච්ඡා සඳහා එක්වන අතර එරට වේලාවෙන් පෙරවරු 11:30ට ආරම්භ වීමට නියමිතය.

මෙම සාකච්ඡාවල අරමුණ වන්නේ දකුණු ලෙබනනයේ ගැටුම අවසන් කිරීම වන බවද සඳහන්.

ඊශ්‍රායලය හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින අතර මේ හේතුවෙන් ලෙබනනයේ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් අවතැන් වී ඇත. 

එමෙන්ම පුද්ගලයන් 2,000කට වැඩි පිරිසක් මියගොස් 6,500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන්.

කෙසේවෙතත් හිස්බුල්ලා නායක නයිම් කාසෙම් ලෙබනනයෙන් ඉල්ලා සිටියේ ඊශ්‍රායලය සමඟ සැලසුම් කර ඇති මෙම හමුව අවලංගු කරන ලෙසය.

එම කණ්ඩායම ඊශ්‍රායලය සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීමේ අදහස ප්‍රතික්ෂේප කර ඇත.
 

Share.
Leave A Reply

Exit mobile version