සංචාරක වීසා මත මෙරටට පැමිණ වෙළෙඳාම් කරමින් සිටි විදේශීය කාන්තාවන් දෙදෙනෙකු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මහනුවර මධ්‍යම වෙළෙඳපොළ පරිශ්‍රයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි සහ 48 හැවිරිදි චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.
Leave A Reply

Exit mobile version