ලෙබනයේ බේරූට් අගනුවර වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙකු මිය ගොස් තිබේ.

ඊබ්‍රාහිම් අකිල් නැමති පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔහු හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකි.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර පේජර් සහ වෝකි ටෝකි පුපුරවා හැරීමෙන් පසුව ඊශ්‍රායල එල්ල කල දෙවන ප්‍රහාරය මෙය වේ. 
 

Share.
Leave A Reply

Exit mobile version