විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගයේ සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ හේතුවෙන් ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ප්‍රවේශපත් කවුළුවෙත පැමිණීමෙන් වළකින ලෙස ක්‍රිකට් ආයතනය ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටියි.

‘B’ කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය එළැඹෙන 16වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව ඇත.

ක්‍රීඩාලෝලීන් 35,000ක ධාරිතාවක් පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේ තිබේ.

Share.
Leave A Reply

Exit mobile version