ලබන 2024 දී ජනාධිපතිවරණයකට නිසැකවම මුහුණදීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා. ඉන්පසු මහ මැතිවරණයකටද මුහුණදීමට සිදුවන බවයි ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ.
මුලින් ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් රටේ ස්ථාවරභාවයක් ඇතිවන බවත් එසේ රට ස්ථාවරවුවහොත් රටේ ආර්ථිකයද නිවැරදි ලෙස සකස් කළ හැකි බවයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.