ඇෆ්ගනිස්තාන​ය සමග ජුනි දෙවැනිදා ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම ශ්‍රී ලංකා සංචිතයට වසර 2 කට අධික කාලයකින් පසුව දිමුත් කරුණාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වනවා. සංචිතය සදහා දුෂ්මන්ත චමීර යළි කැඳවා ඇති අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ද සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 29 හැවිරිදි දුෂාන් හේමන්ත පා ද​ඟ පන්දු යවන්නෙකු ලෙස සංචිතයට ඇතුළත් කර ඇති අතර, IPL තරගාවලියේ දී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද සංචිතයට නම් කර තිබෙනවා.

නම් කරන ලද මෙම කණ්ඩායම ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා යවා ඇති අතර දෙරට අතර තරගාවලිය ජුනි මස 02 වැනිදා හම්බන්තොටදී ආරම්භ වේ. මෙම තරග 3 ම දිවා තරග ලෙසින් පැවැත්වේ.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version