නෙදර්ලන්තය විසින් යළි මෙරටට ප්‍රදානය කළ කෞතුක භාණ්ඩ අද (05) සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන බව කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

18 වන සියවසේදී ලන්දේසින් විසින් මහනුවර රජ මාළිගයේ තිබී රැගෙන ගොස් තිබූ මෙම කෞතුක භාණ්ඩ පසුගියදා එරට රජය විසින් නැවත ලබා දී තිබුණා.

ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රන් කස්තාන දෙකක්, පිහි දෙකක්, රිදී කස්තාන සහ තුවක්කු දෙකක් මෙම පෞරාණික භාණ්ඩ එකතුවට ඇතුළත්ව තිබෙනවා.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version