දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සම්බන්ධ නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කර අවසන් බව ඒ සඳහා පත් කළ කමිටුවේ සභාපති, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩි. එස්. රුවන් චන්ද්‍ර පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, පාඩුව අවම කිරීමටත්, එසේම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ආකර්ෂණීය සේවාවක් සැපයීම සම්බන්ධවත් අදාළ වන යෝජනා මෙම වාර්තාවට ඇතුළත් කළ බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව, අදාළ වාර්තාව ලබන සතියේදී ජනාධිපති ලේකම්වරයා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version