ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ඡන්ද සලකුණ පිළිබඳ අවසන් තීරණය අද දිනයේ ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ කමිටුව සඳහා නම් කර ඇති නියෝජිතයින් ඊයේ රාත්‍රීයේ ද ජනාධිපතිවරයා සමඟ ඡන්ද ලකුණ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සිදුකළ බවවෙත වාර්තා විය.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ වනවිටත් දේශපාලන කණ්ඩායම් රැසක් එක්වෙමින් සිටින බවයි එක්සත් ජාතික පක්ෂයේ විධායක අධ්‍යක්‍ෂ ප්‍රසන්න ශ්‍යමල් සෙනරත් පැවසීය. කෙසේවෙතත් ජනාධිපතිවරයා හදවත ලකුණෙන් තරඟ කිරීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. එම සලකුණ මැතිවරණ ලකුණු අතර නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාවද මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
දැනටමත් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් සඳහා මැතිවරණ ලකුණු ප්‍රකාශයට පත් කර තිබේ
මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ දේශපාලන පක්ෂ සඳහා වෙන්කර දී ඇති සලකුණු සංඛ්‍යාව 84ක්.එමෙන්ම දේශපාලන පක්ෂ සඳහා වෙන්කර දී නොමැති සලකුණු 115ක් ද එම ගැසට් නිවේදනයේ ඇතුළත් කර තිබේ.