මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. කෙසේ වෙතත් ජනවාරි සිට ජුලි මාසය හා සංසන්දනය කර බැලීමේ දී අගෝස්තු මාසයේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අවම මට්ටමක පවතින බවයි එම ඒකකය සඳහන් කළේ.

ජූලි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,369 දෙනෙකු වාර්තා වී තිබුණ ද අගෝස්තු මාසයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ, ඩෙංගු රෝගීන් 4,536 දෙනෙකු පමණක් බවයි සඳහන් වන්නේ. ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අධිඅවදානම් කලාප සංඛ්‍යාව 34ක් දක්වා පහත වැටී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version