බංග්ලාදේශයට එරෙහිව හෙට (18) ආරම්භ වීමට නියමිත තුන්වන සහ අවසන් එක්දින තරගයට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ප්‍රතිකාර සඳහා ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි එම ආයතනය නිවේදනය කළේ.

දෙවැනි එක්දින තරගයේදී පන්දු යවමින් සිටියදී පිටියෙන් ඉවත් වූ මධුශංකගේ වම් කකුලේ ආබාධයකට ලක්ව ඇති බව MRI ස්කෑන් පරීක්ෂණයෙන් තහවුරු වූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version