පෙන්සිල්වේනියාවේ ජනරැළිය අමතමින් සිටිද්දී, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන්, ‘සීක්‍රට් සර්විස්’ ඇමෙරිකන් ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානී කිම්බර්ලි චීට්ල් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුව) විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ කරුණු පැහැදිලි කළාය.

එහිදී ‘සීක්‍රට් සර්විස්’ ඇමෙරිකන් ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානී කිම්බර්ලි චීට්ල් පැහැදිලි කළේ ට්‍රම්ප්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙන් පූර්ණ වගකීම තමන් බාර ගන්නා බවය.

ට්‍රම්පට එල්ල වුණු එම වෙඩි ප්‍රහාරය දශක ගණනකට පසු සීක්‍රට් සර්විස් ජනපති ආරක්ෂක අංශයේ අසාර්ථකත්වය පිළිබිඹු කිරීමක් බව ද කිම්බර්ලි චීට්ල් වැඩි දුරටත් පෙන්වා දුන්නාය. (AFP)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version