ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට එරෙහි අධිචෝදනා විභාගය මියාමි ෆෙඩරල් අධිකරණය හමුවේ ආරම්භ වීමට නියමිත විය. අධිකරණය හමුවේ පෙනී සිටීමට ට්‍රම්ප් සිය පුද්ගලික ගුවන් යානයෙන් මියාමි වෙත පැමිණියේ නීතීඥ කණ්ඩායම ද සමඟය. ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා ගොනු කරනු ලැබ ඇත්තේ, රහස් ලියකියවිලි වැරදි ලෙස පරිහරණය සහ ඒවා ළඟ තබා ගැනීම සම්බන්ධයෙනි. ජනාධිපති ධුරය අහිමි වීමෙන් පසු, ධවල මන්දිරයෙන් පිටවී යද්දී ට්‍රම්ප් එම රහස් ලියවිලි අනවසරයෙන් රැගෙන ගියේ යැයි පැවසෙයි.

2024 වසරේ දී ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. තවත් ධුර කාලයක් ඉතිරි බැවින් ට්‍රම්ප් ද රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටී. එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට ප්‍රතිවාදීන් කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇති බවය. (රොයිටර්)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version