ICC ලෝක ක්රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (02) පැවැත්වෙනවා. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි. තරගය ශ්රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
මේ අතර ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ලහිරු කුමාරට 2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඉතිරි තරග ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ලහිරු කුමාර වෙනුවට සහන් ආරච්චිගේ ශ්රී ලංකා සංචිතය සදහා ආදේශ කිරීමටයි ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ. එය තරමක් පුදුම සහගත වන්නේ චාමික හා වෙල්ලාලගේ දෙදෙනාම සිටියදී නවක ක්රීඩක සහන් ආරච්චිගේ ආදේශ කිරීම නිසයි.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.