සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධව විපක්ෂය ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් අද සිකුරාදා (11) රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 10.30ට එම කාරක සභාව රැස්වීමට නියමිත අතර මෙම සතිය තුළ සාමාන්‍ය පරිදි පෙර න්‍යාය පත්‍රයට අනුව පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාට ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව කඩිනමින් ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version