ආයුර්වේදීය කංසා වගාවට අවසර ලබාදීම ඇතුළු ආයුර්වේදයේ ප්‍රවර්ධනයට අදාළ විධිවිධාන ඇතුළත් ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (5) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය.

ආයුර්වේද සම්භාහකයන් සහ සම්භාහකාවන් සඳහා “එන්.වී.කිව් ලෙවල් 4 (NVQ – Level 4)” මට්ටමේ පුහුණුවක් දී ආයුර්වේදයේ ලියාපදිංචිය ලබාදීම, බොරැල්ල ආයුර්වේද රෝහලේ නම ආයුර්වේද ජාතික රෝහල ලෙස සංශෝධනය කිරීම, ආයුර්වේද දෙපාර්තමේන්තුව වඩා කාරයක්ෂම කිරීම, ආයුර්වේද කොමසාරිස් තනතුර ආයතන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස උසස් කිරීම යනාදී කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසීමද මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.

විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් අදහස් දැක්වූහ. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version