වව්නියාව කූමාංකුලම් මත්පැන්හළක් ආසන්නයේදී රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් ලුහුබැඳ ගොස් නතර කිරීමට උත්සාහ කර තිබේ.

එහිදී පලාගිය යතුරුපැදිය පෙරළීමෙන් එහි ගමන්ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී ඇත. 

ඊයේ (11) රාත්‍රියේදී මෙම සිද්ධිය ඇතිවී තිබුණි.

සිද්ධියත් සමග ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබෙන අතර පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කූමාංකුලම් ප්‍රදේශයේ පදිංචි රාමසාමි ඇන්තෝනිපිල්ලේ නමැති 58 හැවිරිදි පුද්ගලයෙකි.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම මරණය අනතුරක් නොව ඝාතනයක් බැවින් අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත යුතු බවය.

Share.
Leave A Reply

Exit mobile version