කිලිනොච්ච් මලයාලපුරම් හි ස්ථානගත යුද්ධ හමුදා කඳවුර ඉදිරි පස පිහිටි අතුරු මාවතක ගමන් කරමින් සිටි ද්‍රවිඩ යුවලක් සන්තකයේ තිබූ වටිනා දේ පැහැරගෙන යාමට තැත් කළ යතුරු පැදි කරුවෙකු අදාල යතුරු පැදියද සමගින් අල්ලා කිලිනොච්චි පොලිස් ස්ථානය වෙත භාර දීමට එම යුද්ධ හමුදා කඳවුරේ සේවය කරන සැරයන් වරයෙකු කටයුතු කර තිබේ.

යතුරු පැදියකින් පැමිණි සැකකරු සහ තවත් පුද්ගලයෙකු මංකොල්ලය සිදුකර පලා යෑමට තැත් කර ඇති අතර මෙම සිදුවීම දැක ක්ෂණිකව ක්‍රියාත්මක වූ එම කඳවුරේ සේවය කරන සැරයන් දිනේෂ් කුමාර විසින් එක් සැකකරුවෙකු අල්ලාගෙන මෙලෙස පොලීසිය වෙත භාරදී ඇත.

කෙසේ වුවද, මෙම මංකොල්ල කෑමේ ප්‍රයත්නයට සහය දුන් තවත් සැකකරුවකු මෙම සිද්ධිය වන අවස්ථාවේ සිදුවූ පොර බැඳීමකදී පලා ගොස් ඇති අතර, එම සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චි පොලිස් ස්ථානය මඟින් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරින් විසින් වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවනු ලබයි.

Share.
Leave A Reply

Exit mobile version