IPL තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අද (28) පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

එහිදී අගනා පිතිහරඹයක නිතරවූ 14 හැවිරිදි වෙයිභව් සූර්යවංශි පන්දු 38කට මුහුණදෙමින් ලකුණු 101ක් රැස්කළේය.

එම ශතකය IPL ක්‍රිකට් පිටියේ ලාබාලතම ක්‍රීඩකයෙක් රැස් ශතක ලෙස වාර්තා පොත් අතරට එක් විය.

මෙම ශතකය IPL තරගාවලියේ දෙවන වේගවත්ම ශතකය ද වෙයි.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 209ක් රැස් කිරීමට සමත්විය.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් නායක ශුබ්මන් ගිල් ලකුණු 84ක් රැස්කළ අතර ජොස් බට්ලර් නොදැවී ලකුණු 50ක් රැස්කළේය.

පන්දු යැවීමේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 02ක් දවාගත්තේය.

ලකුණු 210ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ කඩුලු 2ක් දැවි ලකුණු  212ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

යශස්වි ජයිස්වාල් නොදැවී ලකුණු 70ක් රැස්කළේය.

Share.
Leave A Reply

Exit mobile version