වෙඩිතැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

පසුගිය අගෝස්තු 16 වන දින ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනිඅවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණි.

එම සිදුවීම පිළිබඳ ශ්‍රී පුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර මේ වනවිට සැකකරුවෙකු හඳුනාගෙන ඇත.

ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඉහත ඡායාරූපයේ සිටින සැකකරු පිළිබඳ විස්තරයක් වෙතොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.

කන්දේ ලේකම්ලාගේ ගයාන් සුගතදාස නැමති අදාළ සැකකරු අංක 87, සමරුගම, අවිස්සාවේල්ල යන ලිපිනයේ පදිංචි ජාතික හැඳුනුම්පත් අංක 850220751V, 198502200751 දරණ අයෙකි.

ඔහු ගැන තොරතුරක් වෙතොත් ස්ථානාධිපති – 071 859 1181හෝ

ශ්‍රී පුර පොලිස් ස්ථානය – 025 225 5062 යන අංකයට දැනුම් දිය හැකිය.

Share.
Leave A Reply

Exit mobile version