ICC ලෝක ක්රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්රී ලංකාව සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 21 ක ජයක් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 48 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 213 ක් පමණයි. ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා පන්දු 111 කින් ලකුණු 93 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත් වූයේය. ඊට අමතරව දිමුත් කරුණාරත්න ලකුණු 33 ක්, මහීෂ් තීක්ෂණ ලකුණු 28 ක් හා වනිඳු හසරංග ලකුණු 20 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ලෝගන් වෑන් බීක් හා බැස් ඩී ලීඩ් කඩුලු 3 බැගින් බිඳ දැමූහ. මීට අමතරව සාකිබ් සුල්ෆිකර් කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 40 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 192 ක් පමණයි.
අවසන් වනතෙක් හුදකලා ඉනිමක් ක්රීඩා කල නායක ස්කොට් එඩ්වඩ්ස් ලකුණු 67 ක් නොදැවී ලබාගෙන සිටියා. පන්දු යැවීමේදී ශ්රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක්, වනිඳු හසරංග කඩුලු 2 ක්, ඩිල්ෂාන් මදුෂංක හා ළහිරු කුමාර කඩුලු 1 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.