මියන්මාරයේ සිදුවූ භූමිකම්පන හේතුවෙන් ඇති වූ හදිසි අපදා තත්ත්වයේ දී සහන සේවා කටයුතු සැපයීම සඳහා සහාය වීමට ශ්‍රී ලංකාවේ විශේෂ ත්‍රිවිධ හමුදා කණ්ඩායමක් මියන්මාරයට පිටත්ව ගිය අතර, එම ආපදා සහන සේවා කණ්ඩායම 2025 අප්‍රේල් මස 05 දින යැන්ගොන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ලඟාවිය.

අනතුරුව ඔවුන් යැන්ගොන් සිට කිලෝමීටර් 450 ක් පමණ උතුරින් පිහිටි නයිපිඩෝ පළාතේ සහන සේවා කටයුතු සඳහා යොදවා ඇත.

ඔවුන් මෙම කාලසීමාව තුළ ආපදාවට පත් ප්‍රදේශවල සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් සහ , අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සහ සෞඛ්‍ය යටිතල පහසුකම් සඳහා සහායවීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version