පසුගියදා ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි සැකකරුවන් අද (02) කොළඹ වරායට රැගෙන ආවේය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජභාහු නෞකාව එම කටයුත්ත සඳහා එක්වී තිබුණි.
 
ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සිදුකෙරුණු බුද්ධි තොරතුරු හුවමාරුවකින් අනතුරුව ඉන්දීය නාවික හමුදාව විසින් අදාළ යාත්‍රා දෙක සිය භාරයට ගත්තේය.

එහි එක් යාත්‍රාවක අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් පමණ තිබූ බවත් අනෙක් යාත්‍රාව එහි සහායට ගොස් තිබු බවත් සඳහන් ය.

එම බහුදින යාත්‍රා සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිස පසුගිය 24 සහ 25 යන දිනයන්හී දී ඉන්දීය නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබුණි.

එම අයිස් මත්ද්‍රව්‍ය තොගය, බහුදින ධීවර යාත්‍රා සහ සැකකරුවන් පසුගිය 29 වනදා ශ්‍රී ලංකා නාවික නෞකා ගජභාහු නෞකාව වෙත ඉන්දීය නාවික හමුදාව විසින් භාර දී තිබුණි.

ඒ අනුව, නාවික හමුදාව විසින් එම අයිස් මත්‍ද්‍රව්‍ය තොගය, බහුදින ධිවර යාත්‍රා සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අද (02) ගොඩබිමට රැගෙන ආවේය.

Share.
Leave A Reply

Exit mobile version