නැවත දැනුම් දෙනතුරු ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

එම දෙරටෙහි පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා මෙම සංචාරක උපදේශනය නිකුත්කර තිබේ.

දැනට එම දෙරටෙහි සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ දැඩි අවධානයෙන් පසුවන ලෙසත් නවාතැන්වලින් පිටත එහාමෙහා යාමෙන් වළකින ලෙසත් ය.
 
එසේම බේරූට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩැමස්කස් නුවර පිහිටි කොන්සල් කාර්යාලය සමග නිතරම සම්බන්ධව සිටින ලෙසත් ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දෙයි.

ඒ සඳහා slemb.beiruit@mfa.gov.lk විද්‍යුත් තැපැල් ලිපිනය භාවිත කරන ලෙසත්, පහත දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.

සනත් බාලසූරිය       – 0094 771102510 
ප්‍රියංගි දිසානායක     – 0094 718381581 
ෆාහ්ඩ් හව්වා           – 00961 81485809
අල් ඩ්‍රෑබි                – 00963 94449966600963 933858803

Share.
Leave A Reply

Exit mobile version