ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (30) පැවැත්වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතව තිබෙනවා. සිම්බාබ්බේ බුලවායෝ හිදී පැවැත්වෙන එම තරගය සුපිරි 6 දෙනාගේ වටය යටතේ පැවැත්වෙන දෙවැනි තරගය වේ.

තරග දෙකකට පමණක් ක්‍රීඩා කර ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සුපිරි 6 දෙනාගේ වටය යටතේ තරග සඳහා යොදා ගන්නා බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක මීට පෙර ප්‍රකාශ කර තිබුණද ඊයේ හවස වාර්තා වී තිබුණේ ආබාධය මත දුෂ්මන්ත චමීර නැවත ලංකාවට කැදවන බවයි.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version