2025 මැයි මාසයේ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 132,919ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මෙතෙක් ඉතිහාසයේ වසරක් තුළ වැඩිම විදෙස් සංචාරක පැමිණීමක් වාර්තා වූ 2018 වසරේ මැයි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 129,466ක් ලෙස වාර්තා වූ අතර මෙම වසරේ මැයි මාසයේ එම සීමාව ඉක්මවීමට හැකි වී තිබීම දැකගත හැකියි.
මෙය 2018 වසරෙන් පසු මැයි මාසයක් තුළ දී වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වූ වසර වීම ද විශේෂත්වයකි.
මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,029,803ක් බවයි.
වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස තවමත් ඉන්දියාව පෙරමුනේ පසුවන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 204,060 ක් ලෙසයි.
මීට අමතරව රුසියාවෙන් සංචාරකයින් 110,421ක්, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 96,274ක් සහ ජර්මනියෙන් සංචාරකයින් 69,078ක් ලෙස වසරේ ගත වූ කාලසීමාව තුල වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
තව ද 2025 මැයි මාසයේ ද, 35.4%ක එනම් 47,001ක වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි.