ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගය ලකුණු 192 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 531 ක් රැස් කළා.වැඩිම ලකුණු ලෙස එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 93 ක් ලබා ගත්තා. ඉන් අනතුරුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 178 ක් පමණි. එම ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වූ අසිත ප්‍රනාන්දු බංග්ලාදේශ කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ලකුණු 353 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පරහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට කටයුතු කළේ, ලකුණු 510 ක් ඉදිරියෙන් සිටිමින්.

ලකුණු 511 ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 318 ක් පමණක් වන අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් කඩුලු 03 ක්, ළහිරු කුමාර කඩුලු 04 ක්, ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් හා විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2 ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරඟයේ වීරයා සහා තරඟාවලියේ වීරයා යන සම්මාන දෙකම කමිඳු මෙන්ඩිස් හට හිමිවුණා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version