නීති විරෝධීව හමුදාව හැරගිය පුද්ගලයින් 875ක් ඒ සඳහා ක්‍රියාත්මක මෙහෙයුමෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අතර යුධ හමුදාවෙන් පළා ගිය සෙබළුන් 704ක් හා නිලධාරීන් දෙදෙනෙකු වන බවයි.

අත්අඩංගුවට ගෙන ඇති නාවික හමුදාවෙන් පළා ගිය පුද්ගලයින් සංඛ්‍යාව 73 කි.

ගුවන් හමුදාව නීති විරෝධිව හැර ගිය පුද්ගලයින් 100ක් ද අත්අඩංගුවට පත් අය අතර වේ.

ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, යුධ හමුදා පොලීසිය හා පොලීසිය නීති විරෝධීව හමුදාව හැර ගිය පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

Share.
Leave A Reply

Exit mobile version