පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අංගජන් රාමනාදන් හා සාරථී දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

කොළඹ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී අද(23) උදෑසන ජනාධිපතිවරයා හමුවෙමින් ඔවුන් සිය සහය පළ කළේ ය.

අංගජන් රාමනාදන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අතර , සාරථි දුෂ්මන්ත මිත්‍රපාල මහතා පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබේ.

පසුගිය මහ මැතිවරණයෙන් අංගජන් රාමනාදන් මහතා යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර , සාරථී දුෂ්මන්ත මිත්‍රපාල මහතා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

Share.
Leave A Reply

Exit mobile version