ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ලකුණු 2 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී Ishan Kishan ලකුණු 37 ක්, නොදැවී පන්දුවට පහරදුන් Deepak Hooda ලකුණු 41 ක් හා Axar Patel ලකුණු 31 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දිල්ශාන් මදුසංක, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා හා වනිඳු හසරංග එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 160 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 45 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 28 ක්, වනිඳු හසරංග ලකුණු 21 ක් හා චාමික කරුණාරත්න ලකුණු 23 ක් ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්,

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version