විජලනයට ලක්වී, අහ්මදාබාද් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහලෙන් පිටව ගියේය. රෝහලෙන් පිටවුණු ෂාරුක් සහ ඔහුගේ පවුලේ අය අහ්මදාබාද් ගුවන්තොටුපොළට ගිය බව අහ්මදාබාද් පොලිසිය පවසයි. ෂාරුක් ඇතුළත් කර සිටියේ කේ ඩී රෝහලටය. ෂාරුක්ගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් රෝහල කිසිදු ප්‍රකාශයක් කර නැත.

ෂාරුක් හිටිහැටියේ අසනීප වූයේ අයි පී එල්. තරගාවලිය අතරතුරේය. ෂාරුක්ගේ කෝලටා නයිට් රයිඩර්ස් අයි පී එල් තරගාවලියේ ප්‍රබල කණ්ඩායමකි. ගුජරාටයේ මෙම තරගාවලිය පැවැත්වෙන්නේ, දැඩි උණුසුම් කාලගුණයක් මධ්‍යයේය. ෂාරුක් අසනීප වන අවස්ථාවේදී, ගුජරාටයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45.2 සිට 45.9 තෙක් ඉහළ ගොස් තිබුණි. (NDTV)

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version