දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් අද (17) උදෑසන දුම්රිය ගමන්වාර 10ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇත.

කෙටි දුරගමන් සේවා දුම්රිය කිහිපයක් මෙලෙස අවලංගු කර තිබේ.

මෙම විභාගය 19 වන ඉරිදා පැවැත්වෙන අතර ඒ සඳහා රියදුරන් 80ක් පමණ පෙනී සිටීමට නියමිතය.

මේ හේතුවෙන් අද පස්වරුවේදීත් දුම්රිය ගමන්වාර 15 පමණ අවලංගු කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වෙයි.

Share.
Leave A Reply

Exit mobile version