ලංකා සතොස භාණ්ඩ වර්ග 10 ක මිල ගණන් පහළ දැමීමට කටයුතු කර ඇති බව එම ආයතනය පවසනවා.

ඒ අනුව මුං ඇට, වියළි මිරිස්, රතු පරිප්පු, රතු නාඩු, හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩු කිරිමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

අඩු වූ මිල සහ නව මිල පහතින්.

  • මුං ඇට 1Kg – රු.325 කින් (නව මිල රු.1225)
  • වියළි මිරිස් 1Kg – රු.60 කින් (නව මිල රු.1290)
  • රතු පරිප්පු 1Kg – රු.15 කින් (නව මිල රු.299)
  • රතු නාඩු සහල් 1Kg – රු.15 කින් (නව මිල රු.200)
  • හාල්මැස්සන් 1Kg – රු.10 කින් (නව මිල රු.1140)
  • පාන් පිටි 1Kg – රු.10 කින් (නව මිල රු.200)
  • සෝයා මීට් 1Kg – රු.10 කින් (නව මිල රු.650)
  • රතු කැකුළු සහල් 1Kg – රු.06 කින් (නව මිල රු.139)
  • කඩල 1Kg – රු.05 කින් (නව මිල රු.540)
  • සුදු සීනි 1Kg – රු.04 කින් (නව මිල රු.225)
Share.
Leave A Reply

Exit mobile version