ජල ගැලීම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබූ මුලතිව් නයාරු ප්‍රධාන පාලමේ අලුත්වැඩියා කටයුතු යුද හමුදා භට පිරිස් එකතුවෙන් මේ වන විට ආරම්භ කර තිබේ.

ජල ගැලීම් හේතුවෙන් මුලතිව් නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කැඩී ගොස් ඇති බව ඊයේ (02) මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

පාලම කැඩීයාම හේතුවෙන් මුලතිව් සිට වැලිඔය ප්‍රදේශයට, මුලතිව් සිට ත්‍රිකුණාමලයට, මුලතිව් සිට කෝකිලායි ප්‍රදේශයට ගමනාගමන කටයුතු සියල්ල ඇණහිට ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසා තිබුණි.

Share.
Leave A Reply

Exit mobile version