ටාටා සමූහ ව්‍යාපාරය ගෝලීය වශයෙන් කීර්තිමත් සමූහ ව්‍යාපාරයක් බවට පත්කිරීමේ ගෞරවයට පාත්‍ර වූ ප්රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයකු වන රතන් ටාටා අභාවප්‍රාප්ත වී තිබේ.
86 හැවිරිදි රතන් ටාටාගේ අභාවය ටාටා සමූහ ව්‍යාපාරය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
“සැබවින්ම අසාමාන්‍ය නායකයකු වන රතන් නේවල් ටාටාගේ සමුගැනීම අපට බලවත් පාඩුවකි” යනුවෙන් ටාටා සමූහය X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් කියා සිටියේය.
ටාටා සමූහ ව්‍යාපාරය ඉන්දියාවේ විශාලතම සමාගමක් වන අතර එහි වාර්ෂික ආදායම ඩොලර් බිලියන 100 ඉක්මවයි.
ටාටා සන්ස් සහ ටාටා සමූහ ව්‍යාපාරයේ සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් වැඩිදුරටත් පැවසුවේ, “ඔහු දැඩි ලෙස උද්යෝගයෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට අප උත්සාහ කරන අතර ඔහුගේ උරුමය අපව දිරිමත් කරනු ඇත,” යනුවෙනි.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, සොව පළ කරමින්, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් පවසා ඇත්තේ, රතන් ටාටා දූරදර්ශී නායකයකු සහ දයානුකම්පිත, අසාමාන්‍ය මනුෂ්‍යයකු බවය.