තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාව, ඡායාරූප ගතකළ විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මුලතිව් ප්‍රදේශයේදී ය.

පසුගිය 6 වැනිදා මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඔහු ඡන්දය සලකුණු කර, එය ඡායාරූප ගතකර තිබුණි.

එය දුටු ඡන්ද මධ්‍යස්ථාන අධීක්ෂණ නිලධාරියෙකු කළ පැමිණිල්ලකට අනුව පෙරේදා (07) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා, එම ඡන්ද මධ්‍යස්ථානයේම, සහකාර තේරීම් භාර නිලධාරියෙකු ලෙස කටයුතු කළ අයෙකි.

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි සැකකරු, පොලිස් ඇප මත මුදා හැර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version