රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනකු ජනාධිපතිවරයා විසින් ධුර වලින් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ප්‍රේමලාල් ජයසේකර වරාය සහ ගුවන්සේවා සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද ඉන්දික අනුරුද්ධ විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ සිරිපාල ගම්ලත් මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බලතල යටතේ මෙම තීරණය ගෙන ඇත.

Share.
Leave A Reply

Exit mobile version