ඇමරිකාවට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බැංකුවේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා හමුවිය.
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී (UNHQ) මෙම හමුව සිදුවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකුවේ සභාපතිවරයා අතර ඵලදායී සාකච්ඡා පැවැති බවත් ජනාධිපති කාර්යාලය පවසයි.
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මහා මණ්ඩලයේ අනුග්‍රහය යටතේ පැවති තිරසාර සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ දේශපාලන සංසදයක් වන “තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ද ජනාධිපතිවරයා සහභාගී විය.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.