ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන අගමැති ලී ච්‍යං මහතා අතර නිල හමුවක් අද (16) පැවැත්වුණි.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරය අතරතුරදීය.
චීන මහජන ශාලාවේදී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදුකරන සිව් දින රාජ්‍ය සංචාරයේ තෙවැනි දිනය අදයි.
චීන ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදු කරයි.