ජනාධිපති අනුර කුමාර දිසානායක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවා තිබේ.

ඒ අමෙරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙනි.

අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද (08) රාත්‍රියේ පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ ලිපිය මේ වනවිටත් ධවල මන්දිරය වෙත ලැබී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

ආනයන සම්බන්ධයෙන් පනවා ඇති බදු අඩුකරගැනීම, ඒ සදහා ගතහැකි ක්‍රියාමාර්ග යනාදිය එම ලිපිය මගින් පැහැදිලි කර ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ය.

Share.
Leave A Reply

Exit mobile version