ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ලබන අඟහරුවාදා (21 වැනිදා) පෙරවරුවේ කැඳවන බව එම ඒකකයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම ඒකකයේ එදින පෙරවරුවේ පෙනී සිටින ලෙස වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දුන් බව කී එම නිලධාරියා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව කළ හෙළිදරව්ව පිළිබඳව ප්‍රකාශයක් ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ලැබූ දැවැන්ත කඩා වැටීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය කළ පැමිණිල්ලට අනුව එම කැඳවීම කර තිබේ.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version