නව අනුරාධපුර සහ වව්නියාව විදුලි සැපයුමේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි සැපයුමට බාධා එල්ල වූ බව විදුලිබල මණ්ඩලය පවසයි.

එම තාක්ෂණික දෝෂය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ සංඛ්‍යාත වෙනස්වීම හේතුවෙන් කැලණිතිස්ස දිත්ව චක්‍රීය බලාගාරයේ වාෂ්ප තලබමන යන්ත්‍රය අක්‍රීය වීමත් සමඟ එය පද්ධතියෙන් ඉවත් විය.

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියක මෙගාවොට් 55ක විදුලි ධාරිතාවයක් අහිමිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ  කිහිපයකට විදුලිය බිඳවැටුණු බව වාර්තා වේ.

කෙසේ වෙතත් විනාඩි කිහිපයක් තුළ යළි එම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබුණු බවද විදුලිබල මණ්ඩලය පවසයි.

Share.
Leave A Reply

Exit mobile version