නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද රුපියල් මිලියන 330 ක් වටිනා දුම්වැටි තොගයක් සමග සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වරාය අධිකාරියේ සේවකයින් තිදෙනෙකු ද සැකකරුවන් අතර සිටි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී මෙම දුම්වැටි තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්වැටි 2,030,000 ක් මෙලෙස නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බවය. 

Share.
Leave A Reply

Exit mobile version