FBI නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩෑන් බොන්ගිනෝ සිය ධුරයෙන් ඉවත් වන බවට නිවේදනය කර තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, එළැඹෙන ජනවාරි මාසයේ දී තමා නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවය.

අදාළ ධුරයේ ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව සලසාදීම සම්බන්ධයෙන්  ඩෑන් බොන්ගිනෝ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ FBI අධ්‍යක්ෂවරයා මෙන්ම නීතිපතිවරයාට ස්තූතිය පළ කර තිබේ.

Share.
Leave A Reply

Exit mobile version