දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු විජයි ඇන්තනි​ ගේ 16 හැවිරිදි දියණිය මියගොස් ඇති බවත් ඇය දිවි නසා ගන්න ඇතැයි සැක කෙරෙන බවත් පොලිසිය පවසයි.

විජයි ඇන්තනි දක්ෂ නළුවකු පමණක් නොව, සංගීත අධ්‍යක්ෂවරයකු ද වෙයි. දියණිය මියගොස් ඇත්තේ චෙන්නායි නුවර ටයිනැම්බට් පළාතේ නිවසේ දී යැයි ද පැවැසෙයි.

ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ඇය මියගියේ රෝහල්ගත කිරීමෙන් පසුව බවය.විජයි ඇන්තනිගේ බිරිඳ ෆාතිමා ය. ​යුවළට දියණියන් දෙදෙනකු සි​ටින බව පැවැසෙයි.

දියණියගේ මරණය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version